මේ සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමග සාකච්ඡා කරමින් සිටින බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග පවසයි.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සංඛ්‍යාලේඛන අනුව වාර්ෂිකව දිවයිනෙන් විදේශ රැකියා සදහා පිටව යන සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවනවා.
ඉන් 20% පමණ මත්තල ගුවන් තොටුපළ ආශ්රිත දිස්ත්‍රික්ක 09 කින් පිටත්ව යන බව අධ්‍යනයකින් හෙළි වී තිබෙනවා.
එම දිස්ත්‍රික්ක වන්නේ ගාල්ල, මාතර, හම්බන්තොට, මොණරාගල, බදුල්ල, අම්පාර, රත්නපුර, කල්මුණේ, මඩකලපුව යන දිස්ත්‍රික්කයි.
මෙම යෝජනාව සඳහා කැබිනට් අනුමැතිය හිමි වු බවත් ඒ අනුව අදාළ සාකච්ඡා පැවැත්වෙන බවත් ඇමති ප්‍රසන්න රණතුංග සඳහන් කරයි.
කොවිඩ් - 19 හේතුවෙන් මේ වනවිට ගුවන්තොටුපළ වසා තිබුණ ද නැවත ගුවන්තොටුපළ විවෘත කිීමත් සමග රැකියා සඳහා විදෙස්ගත වීම ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.