අපස්මාරය හා ස්නායු රෝගීන්ට මෙරට නිපදවූ “ගැබා පෙන්ටින්” (වීඩියෝ)

සැප් 16, 2020
  • රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව නිපදවූ ගැබා පෙන්ටින් ඖෂධය අද වෙළෙඳ පොළට නිකුත් කෙරිණ.  මෙය අපස්මාරය හා ස්නායු රෝගීන් සඳහා ලබාදෙන ඖෂධයක්.  “අලුත් රටට අලුත් බෙහෙත්“ වැඩසටහන යටතේ, නිකුත් කෙරුණු පළමු ඖෂධය මෙයයි.

     

    රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව ගැබා පෙන්ටින් මිලිග්‍රෑම් 300ක කරල නිෂ්පාදනය, රාජ්‍ය අංශය සතු එකම බටහිර ඖෂධ නිෂ්පාදන ආයතන ලෙස ලැබූ විශාල ජයග්‍රහණයක්.  ගැබා පෙන්ටින් මිලිග්‍රෑම් 300 කරල් වාර්ෂික අවශ්‍යතාව මිලියන 15ක් පමණ.

     

    එය ආනයනය සඳහා රජය මේ දක්වා විශාල මුදලක් වැය කළේය.  ඖෂධ රට තුළම නිෂ්පාදනයෙන් ඒවා, ආනයනයට වැය වන මුදල් ඉතිරි කර ගත හැකි අතර, ජනතාවට තත්වයෙන් උසස් ඖෂධ නැවුම් ලෙස ලබාදීමට ද හැකිවේ.

     

    ඖෂධය වෙළෙඳපොළට නිකුත් කිරීමේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ඇතුළු පිරිසක් එක්වූහ.  

     

    ශ්‍රී ලංකාවේ ඖෂධ අවශ්‍යතාවයෙන් 20%ක් පමණ දැනට මෙරට නිෂ්පාදනය කරනු ලබයි.

     

    ජනාධිපතිතුමාගේ “සෞභාග්‍ය යේ දැක්ම“ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව මෙය 50%ත්, 60%ත් අතර ප්‍රමාණයකින් ඉහළ නැංවීම රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ අපේක්‍ෂාවයි.   

    Last modified on බදාදා, 16 සැප්තැම්බර් 2020 19:52

    Latest News