බත්තරමුල්ල දියන උයන පරිශ්‍රයේදී අද ඇරඹුණු “ශිල්ප තර්ස්ට් ඩේ“ ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
අද සහ හෙට පැවැත්වෙන ප්‍රදර්ශනය පෙරවරු 8.30 සිට රාත්‍රී 8.30 දක්වා විවෘතයි. ඉන් පසු සෑම සතියකම බ්‍රහස්පතින්දා ශිල්ප තර්ස්ට් ඩේ ප්‍රදර්ශනය පැවැත්වේ. දේශීය කර්මාන්තකරුවන්ට වෙළෙඳපොළක් සකසාදීම අරමුණයි. එය ක්‍රියාවට නංවන්නේ වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයට අනුබද්ධ ජාතික ශිල්ප සභාවයි.
වත්මන් රජය දේශීය කර්මාන්ත රැකගැනීම කෙරෙහි ප්රමුඛ අවධානයක් යොමුකර ඇතැයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.