හෙට සිට දින 4ක් පාර්ලිමේන්තුව රැස්වෙයි

සැප් 07, 2020

    මෙම සතියේ 8, 9, 10 සහ 11 යන දින හතරම පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව වාර්තාවේ.

    08 වනදා එනම් හෙට දින දහවල් 01ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර එදින දිනය පුරාම සවස 6.30 වන තෙක් මහබැංකු වාර්තා පිළිබද විවාදය පැවැත්වෙනු ඇත.

    බදාදා දින සහ බ්‍රහස්පතින්දා දින පාර්ලිමේන්තුව රැස්වනුයේ උදෑසන 10.30ටයි. එම දින දෙකෙහිදීම පනත් පිළිබදව නියෝග කිහිපයක් ගැනීමට නියමිතව ඇත. සිකුරාදා මුළු දිනය පුරාම තොණ්ඩමන් අමාත්‍යවරයා පිළිබඳ ශෝක ප්‍රකාශය විවාදයට ගැනීමට නියමිත බව ද වාර්තාවේ.

    Latest News