අගොස්තු 7 කොළඹ - ෂැංහායි ගිය ගුවන් යානයේ 23කට කොවිඩ්

අගෝ 13, 2020

    ශ්‍රී ලංකන් ගුවන් සේවයේ දරණ ගුවන් යානයෙන් අගොස්තු 7වැනිදා කොළඹ සිට ෂැංහයි වෙත ගමන් කළ මගීන් 23 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇති බව චීනයේ ෂිංහුවා පුවත් සේවය වාර්තා කරයි.

    ඒ අනූව සති හතරක කාලයක් සඳහා කොළඹ - ෂැංහායි ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට ද චීනයේ සිවිල් ගුවන් සේවා පරිපාලනය කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

    මීට අමතරව එතිහැඩ් ගුවන් සේවයේ අබුඩාබි - ෂැංහායි ගුවන් යානයෙන් අගෝස්තු 3 වැනිදා චීනයට ගිය ගුවන් මගීන් 6 දෙනෙක්ට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් එම ගුවන් ගමන් සතියක කාලයකට තාවකාලිකව අත්හිටුවා තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 13 අගෝස්තු 2020 17:15

    Latest News