ජනමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල රාජකාරි අරඹයි

අගෝ 13, 2020

    ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (13) සිය ධූරයේ වැඩ ආරම්භ කළේය.

    මෙම අවස්ථාවට ජනමාධ්‍ය ආයතන ප්‍රධානීන්, කලාකරුවන්, මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    සිය ධුරයේ වැඩ අරඹමින් අමාත්‍යවරයා පැවසුවේ රට තුළ ස්වාධීන හා අපක්ෂපාතී මාධ්‍ය සම්ප්‍රදායක් ගොඩනගන බවයි. රජයේ අඩුපාඩු ඕනෑම අවස්ථාවක විවේචනය කිරීමට ඉඩ ඇති බවද ඔහු පැවසීය.

    කෙහෙළිය රඹුක්වැල්ල මහතා මිට පෙර ද ජනමාධ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කර තිබේ. තිස්වසරක යුද්ධය පැවැති අවස්ථාවේ දී පැවති රජයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ද සුවිශේෂි කාර්යභාරයක් කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉටු කළේය.

    Latest News