සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව පිළිබඳ අවසන් තීරණය අද - මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර

අගෝ 13, 2020

    ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සම්බන්ධයෙන් අද අවසන් තීරණයක් ගන්නා බව සමගි ජන බලවේගය පවසයි.

    සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කළේ, අද පෙරවරුවේ රැස්වී ඒ පිළිබඳ අවසන් තීරණයක් ගන්නා බවය.

    ඒ අනුව අද හෝ හෙට එම ලැයිස්තුව, ජාතික මැතිවරණ කොමිෂන් සභාවට භාරදෙන බව ඔහු සඳහන් කළේය.

    මෙවර මහ මැතිවරණයේ ප්‍රතිඵල වලට අනුව සමගි ජන බලවේගයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සංඛ්‍යාව 7 කි.

    ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ලේඛන ඉදිරිපත් කිරීම සඳහා ජාතික මැතිවරණ කොමිෂන් සභාව දේශපාලන පක්ෂ වලට හෙට දක්වා අවස්ථාව ලබාදී තිබේ.

    Latest News