තවත් ආසාදිතයින් 8කට සුවයි

අගෝ 13, 2020

    කොරෝනා ආසාදිතව සිටි පුද්ගලයින් 8 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 2646ක්.

    ඊජිප්තුවේ සිට පැමිණි ඉන්දියානු ජාතික මුහුදු ආරක්ෂකයෙක් ඊයේ දිනයේ දී ආසාදිතයෙක් ලෙස හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2881ක් දක්වා ඉහළ ගියේය.

    මේ වන විට කොවිඩ් නයින්ටීන් රෝගීන් 224 දෙනෙක් රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 13 අගෝස්තු 2020 14:37

    Latest News