ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හෙට සිට විවෘත කෙරේ

අගෝ 13, 2020

    දින  - 14 ක් පුරා වසා දමා තිබූ පොළොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුළු ආයතන 5 ක් හෙට සිට විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා.

    එම සියලු ආයතන විෂබීජහරණයට ලක් කිරීමෙන් පසුවයි ජනතාව වෙනුවෙන් විවෘත කෙරෙන්නේ.

    කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන කදවුරෙන් හමු වූ කොරෝනා ආසාදිත නිලධාරියෙකු ලංකාපුර ප්‍රදේශයට පැමිණීමත් සමඟ ඔහු ඇසුරු කළ දොළොස් දෙනෙකු ද කොරෝනා ආසාදිතයන් බවට හඳුනා ගැනුණා.

    ඉන් දෙදෙනෙකු ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කළ අතර, ඒ සමඟ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුළු ආයතන කිහිපයක් වසා දැමීමට සෞඛ්‍ය අංශ කටයුතු කළා.

    දින - 14 කින් පසු ලංකාපුර ප්‍රාදේශීය සභාව, උප තැපැල් කාර්යාලය, මහජන බැංකුව සහ සමෘද්ධි බැංකුව ද හෙට දිනයේදී විවෘත කිරීමට කටයුතු යොදා තිබේ.

    Latest News