සූර්ය ශක්තියෙන් කෘෂිකර්මාන්තය නව මානයකට

අගෝ 13, 2020

    කෘෂිකර්මාන්තයේදී ජල සම්පාදනයේදී, ජල මෝටර් සඳහා ඉන්ධන භාවිතය වෙනුවට, සූර්ය විදුලි බල ශක්තිය යොදා ගනිමින් කෘෂිකර්මාන්තය නව මානයකට යොමු කරන බව සූර්ය බල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පවසයි.

    සූර්ය බල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍යය අමාත්‍යය ධූරයෙන් පිදුම් ලැබූ දුමින්ද දිසානායක මහතා පිළිගැනීමේ උත්සවයක් ඒ මහතාගේ නිවසේදී පැවැත්විණ.

    ඒ මහතා අමාත්‍යය ධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුව අනුරාධපුර පිහිටි ඒ මහතාගේ නිවසට පැමි‍ණි අතර, ඒ මහතා පිළිගැනීම සඳහා අති විශාල පාක්ෂිකයින් හා හිතවතුන් පිරිසක් සහභාගී වී සිටියහ.

    එහිදී  රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා මෙම අදහස් පළ කර තිබේ.

    Latest News