සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්

අගෝ 13, 2020

    සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුව සකස් කර අවසන් බවත් අදාළ නාම ලේඛනය අද (13) දිනයේ මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කිරීමට නියමිත බවත් එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.

    මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් සමගි ජන බලවේගයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 07ක් හිමිව තිබුණි.

    අදාළ මන්ත්‍රී ධුර පිරිනැමීමේ දී සමගි ජන බලවේගය සමග එක්ව සිටින සුළු පක්ෂවලට ද අවස්ථාවක් ලබාදිය යුතු බවට එම පක්ෂවල නායකයින් ඉල්ලීම් කිරීමත් සමග ජාතික ලැයිස්තු නම් කිරීම ප්‍රමාද විය.

    සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා

    රංජිත් මද්දුමබණ්ඩාර

    හරින් ප්‍රනාන්දු

    ඉමිතියාස් බාකිර් මාකර්

    තිස්ස අත්තනායක

    එරාන් වික්‍රමරත්න

    මයන්ත දිසානායක

    ඩයනා ගමගේ

    යන අය නම් කර ඇති බව සඳහන්.

    ඊයේ පස්වරුවේ අදාළ නම් කිරීම සිදුකර ඇති බව වාර්තා වේ.

    Latest News