සිසුන් 200 ට වැඩි පාසල් සඳහා පැනවූ සීමා ලිහිල් කෙරේ

අගෝ 13, 2020

    සිසුන් 200 වැඩි පාසල්වල අධ්‍යයන කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය දුන් උපදෙස් මාලාව සංශෝධන කර තිබේ.

    අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් එන්.එච්.එම් චිත්‍රානන්ද මහතා සඳහන් කළේ, සිසුන් 200 ට වැඩි පාසල්වල අධ්‍යයන කටයුතු සිදු කිරීමේදී විවිධ ශ්‍රේණි සඳහා දින වෙන්කර තිබු බවයි.

    එහෙත්, කොරෝනා ව්‍යාප්තියේ වත්මන් තත්ත්වය සළකා බලා එම සීමා ලිහිල් කළ බව ලේකම්වරයා පැවසීය.

    ඒ අනුව සෞඛ්‍ය නිර්දේශ යටතේ පාසල් පවත්වාගෙන යා හැකි නම් සිසුන් සාමාන්‍ය පරිදි ගෙන්වා ගැනීමට බාධාවක් නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශය විදුහල්පතිවරුන්ට දැනුම් දී ඇත.

    Last modified on බ්‍රහස්පතින්දා, 13 අගෝස්තු 2020 18:07

    Latest News