සංචාරකයින්ගේ තොරතුරු රැස් කිරීමට නව මෘදුකාංගයක්

අගෝ 13, 2020

    මෙරට ගුවන්තොටුපොළ විවෘත කිරීමෙන් පසුව මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ තොරතුරු ඇතුළත් කර ගැනීම සඳහා පරිගණක මෘදුකාංගයක් හඳුන්වා දී තිබේ.

    සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය සඳහන් කළේ, සංචාරකයින් මෙරට පැමිණ වීසා ලබා ගැනීමේ ක්‍රියාවලියේ සිට මෙරට සංචාරය කරන ස්ථාන පිළිබඳව ද එම මෘදුකාංගය මගින් නිරීක්ෂණය කරන බවයිි.

    සංචාරකයින් මෙරට පැමිණෙන අවස්ථාවේදී හා ඊට දින 5 කට හෝ 7 කට පසුව නැවත පී.සි.ආර් පරීක්ෂණයක් සිදු කරන බවත් ඒ සඳහා මුදල් අයකරන බවත් ඇය පැවසුවාය.

    Latest News