හෙරොයින් කිලෝ 02ක් සමඟ අඹුසැමි යුවලක් අත්අඩංගුවට

අගෝ 13, 2020

    හෙරොයින් මත්ද්‍රව්‍ය මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි අඹුසැමි යුවලක් පිළියන්දල, පැලැන්වත්ත ප්‍රදේශයේ දී කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    කොළඹ අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 02යි ග්‍රෑම් 10ක් සොයාගෙන ඇතැයි පොලිසිය පවසයි.

    කොළඹ අපරාධ කොට්ඨාසය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

    එසේම බස්නාහිර පළාත තුළ ඊයේ (12) දිනයේ පමණක් සිදු කළ වැටලීම්වලින් හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයින් 393 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 13 අගෝස්තු 2020 09:55

    Latest News