මාලක සිල්වාට ඇප

අගෝ 12, 2020

    අත්අඩංගුවට ගනු ලැබු හිටපු මන්ත්‍රී මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා මහතා ඇප මත නිදහස් කර තිබේ.

    තලංගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර රුපියල් ලක්ෂ 2ක මුදලක් ලබා ගැනීමට තැත් කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු ඊයේ (11) රාත්‍රී 8.40ට පමණ සැකකරු අත්අඩංගුවට ගැනිණ.

    අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය ජුලි මස 16 වැනිදා තලංගම පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබේ. අනතුරුව ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකින් පසු අත්අඩංගුවට ගත් සැකකරු අද (12) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණ. අනතුරුව ඔහුව ඇප මත නිදහස් කර තිබේ.

    Latest News