තවත් 16කට සුවයි

අගෝ 12, 2020

    කොවිඩ් - 19 ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි 16 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය බලධාරීන් පවසයි.

    ඒ අනුව, මෙරට සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 2638 දෙනෙක් දක්වා ඉහළ ගොස් තිබේ.

    ජාතික බෝනොවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටි පස් දෙනෙක් ද වැලිකන්ද සහ මිනුවන්ගොඩ මූලික රෝහල්වලින් දස දෙනෙක් සහ ඉරණවිල රෝහලෙන් එක් අයෙක් ද සුවය ලබා පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් ක‍ළේය.

    තවත් රෝගීන් 231දෙනෙක් වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්වල ප්‍රතිකාර ලබයි.

    Last modified on බදාදා, 12 අගෝස්තු 2020 14:28

    Latest News