අමාත්‍යවරුන්ගේ නම් ලයිස්තුවෙන් හිටපු ජනපති ඉවතට

අගෝ 12, 2020

    හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන නව ඇමැති මණ්ඩලයට ඇතුළත් නොවන බව සඳහන් වෙයි.

    නව ඇමැති මණ්ඩලය පත්කිරීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අමාත්‍යධූර 3ක් හිමියි.

    රාජ්‍ය අමාත්‍යධුර දෙකක් හිමි වන බව ද පැවසේ.

    කැබිනට් අමාත්‍යධූර 03 ට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, නිමල් සිරිපාල ද සිල්වා සහ දයාසිරි ජයසේකර පත් කරන ලෙස දන්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊයේ (11) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලිපියක් ද යොමු කර තිබේ.

    කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍යධූර දෙකට දයාසිරි ජයසේකර හා රංජිත් සියඹලාපිටිය පත් කිරීමට නියමිතව ඇති බව ද වාර්තා වේ.

    හිටපු ජනාධිපති මෛත්‍රිපාල මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර අරලියගහ මන්දිරයේ ඊයේ (11) පැවැති උත්සවයකදී ද අමාත්‍යධූර පිළිබඳව සුළු වේලාවක් කතා බහක ද නිරත වී ඇති බව ද පැවසේ.

    Latest News