UPDATE - නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීමේ උත්සවය ඇරඹේ

අගෝ 12, 2020

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ නව රජයේ කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දෙති.

    දිවුරුම්දීම අද (12) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ ඓතිහාසික මඟුල් මඩුවේදී සිදු විය.

    අනාගතයේදී අපේක්ෂා කරන සෞභාග්‍යවත් දේශය ගොඩනැගීම සඳහා කැපවන කාර්යශූර අමාත්‍ය මණ්ඩලයක අවශ්‍යතාව ජනාධිපතිතුමා විසින් පෙන්වා දී තිබිණ.

    “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව ජාතික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට ප්‍රායෝගිකව සහ යතාර්ථවාදීව  අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය සැලසුම් කර තිබේ. අමාත්‍යාංශය ව්‍යුහය සැකසීමේ දී ජාතික ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය, යටිතල පහසුකම්, අධ්‍යාපනය, සෞඛ්‍යය හා ක්‍රීඩා යන ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානය යොමු කෙරිණ.

    අභිනව කැබිනට් මණ්ඩලයට අග්‍රාමාත්‍යතුමා ඇතුළුව 25 දෙනෙක් අයත් වෙති. රාජ්‍ය අමාත්‍යවරුන් ගණන  39කි.  දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු ලෙස 23 දෙනෙක් පත් කරනු ලැබ සිටිති.

    මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර නව අමාත්‍ය මණ්ඩලයට හා තේරිපත් වූ මන්ත්‍රිවරුන්ට ආශිර්වාද පළ කළහ.

    දිස්ත්‍රික් කමිටු සභාපතිවරු වෙත පත්වීම් ප්‍රදානය ජනාධිපතිතුමා අතින් ප්‍රථමයෙන් සිදු කෙරිණ

    නව කැබිනට් අමාත්‍යවරු

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ – ආරක්ෂක අමාත්‍ය

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ – මුදල්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු හා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය

    නිමල් සිරිපාල ද සිල්වා – කර්මාන්ත කටයුතු කැබිනට් අමාත්‍ය

    ජී. එල්. පීරිස් – අධ්‍යාපන කටයුතු කැබිනට් අමාත්‍ය

    පවිත්‍රා දේවි වන්නිආරච්චි – සෞඛ්‍ය අමාත්‍ය

    දිනේෂ් ගුණවර්ධන – විදේශ අමාත්‍ය

    ඩග්ලස් දේවානන්ද – ධීවර අමාත්‍ය

    ගාමිණී ලොකුගේ – ප්‍රවාහන අමාත්‍ය

    බන්දුල ගුණවර්ධන – වෙළෙද අමාත්‍ය

    ආර්. එම්. සී. බී. රත්නායක – වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය

    ජනක බණ්ඩාර තෙන්නකෝන් – රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය

    කෙහෙළිය රඹුක්වැල්ල – ජනමාධ්‍ය අමාත්‍ය

    චමල් රාජපක්ෂ – වාරිමාර්ග අමාත්‍ය

    ඩලස් අලහප්පෙරුම – විදුලිබල අමාත්‍ය

    ජොන්ස්ටන් ප්‍රනාන්දු  මහාමාර්ග අමාත්‍ය

    විමල් වීරවංශ – කර්මාන්ත අමාත්‍ය

    මහින්ද අමරවීර – පරිසර අමාත්‍ය

    එස්.එම්.චන්‍ද්‍රසේන  ඉඩම් අමාත්‍ය

    මහින්දානන්ද අලුත්ගමගේ – කෘෂිකර්ම අමාත්‍ය

    වාසුදේව නානායක්කාර  ජල සම්පාදන අමාත්‍ය

    උදය ප්‍රභාත් ගම්මන්පිල – බලශක්ති අමාත්‍ය

    රමේෂ් පතිරණ – වැවිලි අමාත්‍ය

    ප්‍රසන්න රණතුංග – සංචාරක අමාත්‍ය

    රෝහිත අබේගුණවර්ධන – වරාය හා නාවික අමාත්‍ය

    නාමල් රාජපක්ෂ – තරුණ හා ක්‍රීඩා අමාත්‍ය

    අලි සබ්රි– අධිකරණ අමාත්‍ය

    රෝහිත අබේගුණවර්ධන – වරාය හා නාවික අමාත්‍ය

     

    නව රාජ්‍ය අමාත්‍යවරු

    චමල් රාජපක්ෂ – අභ්‍යන්තර ආරක්ෂක,ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය

    ප්‍රියංකර ජයරත්න – විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොළ විවිධාංගීකරණය රාජ්‍ය අමාත්‍ය

    දුමින්ද දිසානායක – සූර්ය බල, සුළං හා ජලවිවිදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

    දයාසිරි ජයසේකර – බතික්,අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇගුළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය

    ලසන්ත අලගියවන්න – සමූපකාර සේවා,අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය

    සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ – බන්ධනාගර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය

    අරුන්දික ප්‍රානන්දු – පොල්,කිතුල්,තල් හා රබර් වගා ප්‍රවර්ධන හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හාඅපනයන විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය

    නිමල් ලන්සා – ග්‍රාමීය මාර්ග හා අවශ්‍ය යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය

    ජයන්ත සමරවීර – ගුදම් පහසුකම්,බහලුම් අංගන,වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

    රොෂාන් රණසිංහ – ඉඩම් කළමනාකරණ කටයුතු,රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

    කනක හේරත් – සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ වතු ආශ්‍රිත බෝග වගතේ කර්මාන්ත ශාලා නවීකරණ හා තේ අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය

    විදුර වික්‍රමනායක – ජාතික උරුම,ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය

    ජානක වක්කුඹුර – උක්,කජු,බඩඉරිගු,ගම්මිරිස්,කුරුදු, කරාබුනැටි,බුලත් ඇතුළු කුඩා වැවිලි බෝග වගා සංවර්ධනය ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය

    විජිත බේරුගොඩ – දහම් පාසල්,භික්ෂූ අධ්‍යාපන පිරිවෙන් හා බෞද්ධ විශ්ව විද්‍යාල රාජ්‍ය අමාත්‍ය

    ෂෙහාන් සේමසිංහ – සමෘද්ධි,ගෘහ ආර්ථික,ක්ෂුද්‍ර මූල්‍ය ස්වයං රැකියා,ව්‍යාපාර සංවර්ධන හා ඌන උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

    මොහාන් ද සිල්වා – පොහොර නිෂ්පාදන සහ සැපයුම්,රසායනික පොහොර සහ කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍ය

    ලොහාන් රත්වත්තේ – මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය

    දිලුම් අමුණුගම – වාහන නියාමනය,බස් රථ ප්‍රවාහන සේවා සහ දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය

    විමලවීර දිසානායක – වනජීවී රැකවරණය,අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙල හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

    තාරක බාලසූරිය – කලාපීය සහයෝගිතා කටයුතු රාජ්‍ය අමාත්‍ය

    ඉන්දික අනුරුද්ධ – ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය

    කංචන විජේසේකර – විසිතුරු මසුන්,මිරිදිය මත්ස්‍ය සහ ඉස්සන් ඇති කිරීම,ධීවර වරාය සංවර්ධන,බහුදින ධීවර කටයුතු,මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍ය

    සනත් නිශාන්ත – ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජල සම්පාදන, ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

    සිරිපාල ගම්ලත් – මහවැලි කලාප ආශ්‍රිත,ඇලවේලි හා ජනාවාස,පොදු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

    සරත් වීරසේකර – පළාත් සභා සහ පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය

    අනුරාධ ජයරත්න – ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

    සදාසිවම් වියාලේන්ද්‍රන් – තැපැල් සේවා සහ ජනමාධ්‍යවේදී වෘත්තීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

    තේනුක විදානගමගේ – ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

    සිසිර ජයකොඩ – දේශීය වෙදකම් ප්‍රවර්ධන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය

    පියල් නිශාන්ත ද සිල්වා – කාන්තා හා ළමා සංවර්ධන,පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන,

    පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය

    ප්‍රසන්න රණවීර – වේවැල්,පිත්තල,මැටි,ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය

    ඩී.වී. චානක – ගුවන් සේවා සහ අපනයන සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

    ඩී.බී.හේරත් – පශු සම්පත් ගොවිපළ ප්‍රවර්ධන හා කිරි බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය

    ශෂීන්ද්‍ර රාජපක්ෂ – වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ලූනු හා අර්තාපල් වගා ප්‍රවර්ධන,

    බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය

    නාලක ගොඩහේවා – නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය

    ජීවන් තොන්ඩමන් – වතු නිවාස සහ ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය

    අජිත් නිවාඩ් කබ්රාල් – මුදල් හා ප්‍රාග්ධන වෙළදපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය

    සීතා අරඹේපොළ – නිපුනතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය

    චන්න ජයසුමන – ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය

     

    Last modified on බදාදා, 12 අගෝස්තු 2020 12:22

    Latest News