නවක මන්ත්‍රීවරුන්ට වැඩමුළුවක්

අගෝ 12, 2020

    මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන්ට දින තුනක වැඩමුළුවක් පැවැත්වීමට නියමිතයි.

    ස්ථාවර නියෝග, පාර්ලිමේන්තු වරප‍්‍රසාද, පාර්ලිමේන්තුවේ ඉතිහාසය සහ මන්ත්‍රීවරුන්ගේ වගකීම් වැනි කරුණු සම්බන්ධයෙන් නවක මන්ත්‍රීවරුන් දැනුම්වත් කිරීම සඳහා මේ වැඩමුළුව සංවිධාන කෙරේ.

    පාර්ලිමේන්තුව සඳහා තේරී පත්වන නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් මෙවැනි වැඩමුළුවක් පැවැත්වීම සෑම අභිනව පාර්ලිමේන්තුවක් රැස්වීමට ප්‍රථමයෙන් සිදු කෙරේ.

    මෙවර මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට නවක මන්ත‍්‍රීවරු 60කට අධික සංඛ්‍යාවක් තේරී පත් වූ අතර, ජාතික ලැයිස්තුවෙන් ද නවක මන්ත‍්‍රීවරු රැසකට අවස්ථාව හිමිව ඇත.

    Last modified on බදාදා, 12 අගෝස්තු 2020 08:41

    Latest News