අද කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 9 ක්

අගෝ 11, 2020

    අද (11) දිනය තුළදී මේ දක්වා කොරෝනා වෛරස ආසාදිතයින් 9 දෙනෙක් හමු වී ඇති බව සෞඛ්‍ය බලධාරීන් පවසයි.

    ඔවුන් සෞදි අරාබිය, ඉන්දුනීසියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට නැවත පැමිණ ඇති අය බව සෞඛ්‍ය බලධාරීන් පවසයි.

    ඒ අනුව මේ වනවිට මෙරට මුළු කොරෝනා ආසාදිත රෝගීන් ගණන 2,880ක්.

    මීට පෙර හමු වූ කොරෝනා ආසාදිතයින් අතුරින් දෙදෙනෙක් ඉන්දුනීසියාවේ සිට නැවත පැමිණ නිරෝධායනය වෙමින් සිටි අය වන අතර අනෙක් සිව් දෙනා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි අයයි.

    Latest News