නවක මන්ත‍්‍රීවරුන්ට දින 03 ක වැඩමුළුවක්

අගෝ 11, 2020

    පාර්ලිමේන්තුවට තේරී පත් වූ නවක මන්ත‍්‍රීවරුන්ට දින 03 ක වැඩමුළුවක් පැවැත්වීමට තීරණය කෙරේ.

    පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල මහතා පැවසුවේ, පාර්ලිමේන්තු වරප‍්‍රසාද, පාර්ලිමේන්තුවේ ඉතිහාසය, ස්ථාවර නියෝග සහ මන්ත‍්‍රීවරුන්ගේ වගකීම වැනි කරුණු සම්බන්ධයෙන් නවක මන්ත‍්‍රීවරුන් දැනුවත් කිරීම ඒ යටතේ සිදුකෙරෙන බවයි.

    පළමු පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කළ වහාම එම පුහුණු වැඩමුළුව පැවැත්වීමටය සැළසුම් කර ඇත.

    මෙවර මහමැතිවරණයෙන් පාර්ලිමේන්තුවට නවක මන්ත‍්‍රීවරු 60 කට අධික සංඛ්‍යාවක් තේරී පත්ව සිටිති.

    Latest News