අභිනව අගමැති මහින්ද රාජපක්ෂ දිවුරුම් දෙයි (වීඩියෝ)

අගෝ 09, 2020
  • 2020 පාර්ලිමේන්තු මැතිවරණය විශිෂ්ට ලෙස ජයග්‍රහණය කිරීමෙන් පසු මහින්ද රාජපක්‍ෂ මහතා 09 වන පාර්ලිමේන්තුවේ නව අග්‍රාමාත්‍යවරයා දිවුරුම් දුන්නේය.

    මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දෙන්නේ සිව්වැනි වරටයි. මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වූ එතුමාට 527,364ක මනාප සංඛ්‍යාවක් හිමිවිය. ඒ පාර්ලිමේන්තු මහ මැතිවරණයක අපේක්‍ෂකයෙක් ලබාගත් වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලෙස සටහන් වේ.

    දිවුරුම්දීමේ උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කැළණිය රජමහා විහාරස්ථානයේදී පැවැත්විණ.

    Last modified on ඉරිදා, 09 අගෝස්තු 2020 18:27

    Latest News