අගමැති දිවුරුම්දීම අද උදේ; සජීව විකාශය ජාතික රූපවාහිනියෙන්

අගෝ 09, 2020

    2020 පාර්ලිමේන්තු මැතිවරණය විශිෂ්ට ලෙස ජයග්‍රහණය කිරීමෙන් පසු මහින්ද රාජපක්‍ෂ මහතා අද (09) අභිනව අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දීමට නියමිතයි.

    දිවුරුම්දීමේ උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කැළණිය රජමහා විහාරස්ථානයේදී පැවැත්වේ. එය උදේ 8.30 සිට ජාතික රූපවාහිනිය ඔස්සේ සජීවිව විකාශය කිරිමට නියමිතයි.

    මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දෙන්නේ සිව්වැනි වරටයි. මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වූ එතුමාට 527,364ක මනාප සංඛ්‍යාවක් හිමිවිය. ඒ පාර්ලිමේන්තු මහ මැතිවරණයක අපේක්‍ෂකයෙක් ලබාගත් වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලෙස සටහන් වේ.

    Latest News