එජාපයට මන්ත්‍රී ධුර 1ක් පමණයි

අගෝ 07, 2020

    ඉතිහාසයේ විශාලතම පසුබෑමට ලක්වූ එක්සත් ජාතික පක්ෂයට මෙවර මැතිවරණයේ හිමිවූයේ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පමණයි. එම පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව දෙලක්ෂ හතලිස් නවදහස් හාරසිය තිස් පහක්.

    අපේ ජනබල පක්ෂය ඡන්ද හැටහත් දහස් හත්සිය පනස් අටක් ලබාගනිමින් එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයකට හිමිකම් කියනු ලැබීය.

    තමිල් මක්කල් විදුතලෛයි පුලිකල් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුස්ලිම් ජාතික සන්ධානය තමිල් මක්කල් තේසිය කුට්ටනි සමස්ථ ලංකා මහජන කොංග්‍රසය, ජාතික කොංග්‍රසය හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය යන පක්ෂ මන්ත්‍රී ධුර 01 බැගින් දිනාගැනීමට සමත් වී තිබේ. එම එක් එක් පක්ෂ ලබාගෙන ඇත්තේ, දශම 6කටත් අඩු ඡන්ද ප්‍රතිශතයක්.

    Last modified on සිකුරාදා, 07 අගෝස්තු 2020 09:45

    Latest News