මධ්‍යහන 12 වන විට ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශත

අගෝ 05, 2020

    මහමැතිවරණයේ අද මධ්‍යහන 12.00 වන විට ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය වාර්තා වී තිබේ.

    ඒ අනූව කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 34%ක්, මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රතිශතය 46%ක් හා බදුල්ල දිස්ත්‍රික්කයේ 45%ක් ලෙස වන බව වාර්තා වෙයි. කුරුණෑගල,හම්බන්තොට,කළුතර හා ගම්පහ දිස්ත්‍රික්කවල 40%ක ප්‍රතිශතයක් අද මධ්‍යහන 12.00 වන විට ඡන්දය ප්‍රකාශ කර තිබේ. ගාල්ල දිස්ත්‍රික්කයේ 45%ක් මේ වන විට ඡන්දය ප්‍රකාශ කර ඇත.

    දිගාමඩුල්ල 40%ක්,පොළොන්නරුව 28%ක්,යාපනය 35%ක්,මඩකලපුව 40%ක්,මාතර 41%ක් හා නුවරඑළිය 48%ක් ලෙස සඳහන් වෙයි. 2020 මහමැතිවරණයේ ඡන්ද විමසීම දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 12,985 ක දී මේ වනවිට පැවැත්වෙයි.

    Last modified on බදාදා, 05 අගෝස්තු 2020 13:33

    Latest News