ප්‍රධාන පක්‍ෂවල අවසන් ජනහමු අද

අගෝ 02, 2020

    අද මධ්‍යම රාත්‍රියෙන් මැතිවරණ ප්‍රචාරණ කටයුතු අවසන් වීම හේතුවෙන් ප්‍රධාන දේශපාලන පක්ෂ සිය අවසන් ජනහමු සඳහා සියලු කටයුතු සූදානම් කරමින් සිටියි.

    ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය අවසන් ජනහමු ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් අද දිනයේ හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ පැවැත්වීමට සැලසුම් කර තිබේ.

    එක්සත් ජාතික පක්ෂයේ අවසන් ජන රැළිය පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මරදාන, ඩීන්ස් පාරේ දී පැවැත්වීමට නියමිතයි.

    සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අවසන් ජනහමුව කොළඹ අලුත්කඩේ ප්‍රදේශයේ දී පැවැත්වේ.

    ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සහභාගී වන අවසන් ජනහමුව ද අද පස්වරුවේ මාලිගාවත්ත ප්‍රදේශයේ දී පැවැත්වීමට නියමිතයි.

    Last modified on ඉරිදා, 02 අගෝස්තු 2020 11:56

    Latest News