ඡන්දය සළකුණු කිරීමට නම් පෑනක් ගෙන යා හැකියි

අගෝ 02, 2020

    අගෝස්තු 05 වැනිදා පැවැත්වෙන මහ මැතිවරණ ඡන්ද විමසීමේදී ඡන්දය සළකුණු කරන ඡන්දදායකයන්ට අවශ්‍ය නම් ඒ සඳහා තමන්ගේම පෑනක් භාවිතා කළ හැකි බව මැතිවරණ කොමිසම පවසයි.

    ඒ සඳහා නිල් පැහැති හෝ කලු පැහැති, බෝල තුඩු පෑනක් භාවිතා කිරීමට අවසර ලැබෙන බව මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

    ඡන්දය සළකුණු කිරීම සඳහා පෑනක් රැගෙන ඒම අනිවාර්ය නොවන අතර සෑම ඡන්ද මධ්‍යස්ථානයකම ඒ සඳහා පෑනක් තබා ඇති අතර පවත්නා වසංගත තත්වය හමුවේ එම පෑන විටින් විට විෂබීජ හරණය කිරීම සඳහා ද කටයුතු යොදා තිබේ.

    Last modified on ඉරිදා, 02 අගෝස්තු 2020 11:19

    Latest News