තවත් ලාංකිකයින් පිරිසක් දිවයිනට

අගෝ 02, 2020

    මෙරටට පැමිණීමට නොහැකිව විදේශීය රටවල් දෙකක රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 373 දෙනෙක් දිවයිනට පැමිණ තිබේ.

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 332 දෙනෙකු සහ එංගලන්තයේ රැකියා සහ උසස් අධ්‍යාපන කටයුතු සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 41ක් මේ අතර වෙයි.

    ඊට අමතරව කොළඹ වරායේ නැංගුරම් ලා ඇති වෙළෙඳ නැවක සේවය කිරීම සදහා විදේශීය නාවිකයන් 13 දෙනෙක් ද අද අලුයම දිවයිනට පැමිණ තිබේ.

    මෙම ගුවන් මගීන් සියලුදෙනා ගුවන්තොටුපළ වෙත පැමිණි පසු පී.සී.ආර්.පරීක්ෂණවලට ලක්කිරීමෙන් අනතුරුව නිරෝධායන කටයුතු සඳහා යොමු කෙරිණ.

    Last modified on ඉරිදා, 02 අගෝස්තු 2020 09:55

    Latest News