රට ගොඩනැගිය හැකි විශ්වාසනීය කණ්ඩායමක් පාර්ලිමේන්තුවට..

අගෝ 01, 2020

    රටේ සම්පත් රැක ගනිමින්, රට ගොඩනැගිය හැකි විශ්වාසනීය කණ්ඩායමක් පාර්ලිමේන්තුවට පත් කර එවීමට කටයුතු කරන්නැයි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ, තිස්සමහාරාමයේ පැවති ජන හමුවකදී. අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන්ගේ සහභාගීත්වයෙන් ජනහමුව පැවැත්විණ. 

    හම්බන්තොට දිස්ත්‍රික්කයේ කිරම හන්දිය ප්‍රදේශයේ අද පෙරවරුවේ පැවති ජනහමුවකට ද අග්‍රාමාත්‍යවරයා සහභාගී විය.  අනතුරුව අග්‍රාමාත්‍යවරයා සහභාගී වුණේ, සිටිනමළුව ප්‍රදේශයේ පැවති ජන හමුවකටයි.

    මෙහිදී අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ, ඉතිහාසයේ පළමු වරට සිරිකොතේ අයිතිය තීරණය කිරීම සඳහා එක්සත් ජාතික පාක්ෂිකයන්ට සිය ඡන්දය පාවිච්චි කිරීමට සිදුව ඇති බවයි.

    බෙලිඅත්ත පෙළොන්මාරුව ප්‍රදේශයේ දී ද අග්‍රාමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් ජන හමුවක් පැවැත්විණ. 

    හම්බන්තොට දිස්ත්‍රික්කයේ මහවෙල ප්‍රදේශයේ පැවති ජන හමුවකට සහභාගී වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ, හම්බන්තොට ආර්ථික නගරයක් බවට පත් කරන බවයි.

     

    Last modified on සෙනසුරාදා, 01 අගෝස්තු 2020 17:59

    Latest News