කුඩු අංජුගේ ගෝලයෙක් ගිනි අවියක් එක්ක අත්අඩංගුවට

අගෝ 01, 2020

    පාතාල සාමාජික කුඩු අංජුගේ ගෝලයෙක් වන සිතුම් නිලංග පීරිස් නොහොත් අසංක නමැති පුද්ගලයා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකරු අඟුලාන මුහුදුබඩ පාරේ පදිංචිකරුවෙක් වන අතර පොලිස් අත්අඩංගුවට පත්වී ඇත්තේ පංචිකාවත්ත ප්‍රදේශයේදීයි.

    සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලට අනූව අපරාධ සඳහා යොදාගත් විදේශයක නිෂ්පාදිත රිවොල්වරයක් හා උණ්ඩ 10ක් මීගොඩ දහම් මාවතේ නිවසකින් සොයගොන තිබේ.

    සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    Last modified on සෙනසුරාදා, 01 අගෝස්තු 2020 17:16

    Latest News