නිරෝධායනය අවසන් කළ තවත් පිරිසක් නිවෙස් වෙත

අගෝ 01, 2020

    නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පුද්ගලයින් 28ක් එම කටයුතු අවසන් කර නිවෙස් බලා අද (01) පිටත්ව යාමට නියමිතයි.

    මේ වන විට පුද්ගලයන් විසිඅටදහස් හත්සිය අනූ දෙදෙනෙක් නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් බලා පිටව ගොස් තිබේ.

    ත්‍රිවිධ හමුදාව මගින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන 33ක පුද්ගලයන් 1866 දෙනෙක් නිරෝධායනය වෙමින් සිටියි.

    ඊයේ (31) දිනය තුළදී PCR පරික්‍ෂණ 1350 ක් සිදු කෙරිණ.

    ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාව තුළ සිදුකර ඇති PCR පරික්‍ෂණ සංඛ්‍යාව එක්ලක්‍ෂ පනස්අටදහස් හයසිය විසිඅට ඉක්මවන බවයි, සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

    Last modified on සෙනසුරාදා, 01 අගෝස්තු 2020 14:44

    Latest News