ඉස්ලාම් බැතිමතුන් අද ශුද්ධ වූ හජ් දිනය සමරයි

අගෝ 01, 2020

    ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් අද ශුද්ධ වූ හජ් දිනය සමරනු ලැබීය. ඉබ්‍රාහිම් නබිතුමා හා ඔහුගේ පවුලේ සාමාජිකයන් ඉටුකළ කැප කිරීම් හා පරිත්‍යාගයන් සිහිපත් කිරීමේ අරමුණෙන්, ඉස්ලාම් ජනතාව හජ් දිනය සමරයි.

    ඉස්ලාම් බැතිමතුන් තමන්ගේ ජීවිත කාලයේ දී ඉටුකළ යුතු යුතුකම් අතරින් අවසන් යුතුකම වන්නේ ශුද්ධ වූ හජ් වන්දනාවේ යෙදීමයි.

    සෞදි අරාබියේ මක්කම නගරය ඇතුළු බොහෝ පුජනීය ස්ථාන වන්දනාමාන කිරීම සඳහා ලොව පුරා නන් දෙසින් වාර්ෂිකව ලක්ෂ සංඛ්‍යාත මුස්ලිම් ජනතාව ශුද්ධ වූ මක්කම නගරයට පැමිණෙයි. එහෙත් මෙවර මක්කම වන්දනාවේ යෙදීම සඳහා අවසර ලැබී තිබුණේ, දස දහසක් පමණ වූ බැතිමතුන් පිරිසකට පමණයි. මෙම වන්දනාකරුවන්ගේ ආරක්ෂාව සඳහා සෞදි අරාබි රජය දැඩි සෞඛ්‍ය ආරක්ෂක විධි විධාන ද සලස්වා තිබිණ.

    Last modified on සෙනසුරාදා, 01 අගෝස්තු 2020 14:36

    Latest News