ලංකාපුර ආසාදිතයාගේ බිරිඳටත් කොරෝනා

අගෝ 01, 2020

    කොවිඩ් 19 රෝගය වැළඳුණු එක්අයෙක් ඊයේ හඳුනාගනු ලැබීය. එම රෝගියා ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් හඳුනාගත් කොවිඩ් 19 රෝගියාගේ බිරිඳ බවයි, වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ.

    ලංකාපුර ප්‍රදේශයේ ඇයගේ සමීපතමයන්ගේ පීසීආර් පරීක්ෂණ සිදු කිරීම මේ වන විට ආරම්භ කර තිබේ.

    මේ අතර, පොළොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් හඳුනාගත් කොවිඩ් 19 රෝගියාගේ ආශ්‍රිතයන් 158 දෙනෙකුගේ පීසීආර් පරීක්ෂණ වාර්තා ඊයේ රාත්‍රියේ ලැබී තිබේ. ඔවුනට වෛරසය ආසාදනය වී නොමැති බවටයි, තහවුරු වී ඇත්තේ.

    Last modified on සෙනසුරාදා, 01 අගෝස්තු 2020 11:46

    Latest News