වෙරළාසන්න ජනතාවට දැනුම්දීමක්

අගෝ 01, 2020

    සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති වේ. ඌව පළාතේ ස්ථාන ස්ථාන කිහියක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

    සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක් පමණ තරමක් තද වර්ෂාපතනයන් ද ඇති විය හැකියි.

    දකුණු පළාතේ, පොළොන්නරුව, මන්නාරම, ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික්කවල සහ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වල විටින් විට පැ. කි. මි.60 දක්වා තද සුළං ඇති විය හැකි බව දන්වා තිබේ.

    බේරුවල සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ඉහළ යාම හේතුවෙන්, මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතියි.

    වෙරළ ආසන්නයේ ජීවත්වන ජනතාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස දන්වා තිබේ.

    Last modified on සෙනසුරාදා, 01 අගෝස්තු 2020 10:03

    Latest News