මහ මැතිවරණය පැවැත්වෙන සතියේ සියලුම රජයේ පාසල් නිවාඩු

ජූලි 31, 2020

    මහ මැතිවරණය පැවැත්වෙන සතිය තුළ සියලුම රජයේ පාසල්වලට නිවාඩු ලබා දීමට තීරණය කෙරේ‍.

    ඒ අනුව අගෝස්තු මස 4, 5,6 සහ 7 වන සිකුරාදා යන දිනවල පාසල් වසා තැබේ.

    දිවයිනේ සියලු පාසල්වල 11, 12, 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු පසුගිය ජූලි මස 27 වන දින යළි ආරම්භ වු බැවින් එම ශ්‍රේණිවල සිසුන්ට මෙම නිවාඩුව අදාළය.

    අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මේ බව සඳහන් කර ඇත.

    Latest News