කොවිඩ් -19 වළක්වාලීම හා පාලනය යන නව සිංහල ග්‍රන්ථය එළිදැක්වේ

ජූලි 31, 2020

    ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකාවේ පාත්ෆයින්ඩර් පදනම ඒකාබද්ධව ජන්ග් වන් හොංග් මහාචාර්යවරයා ගේ ‘කොවිඩ් - 19 වළක්වාලීම හා පාලනය’ යන මැයෙන් රචිත නව සිංහල පොතේ එළිදැක්වීමේ උත්සවය පවත්වයි.

    අත්දැකීම් හා අදහස් හුවමාරු කිරීම දෙරට අතර වසංගත පාලන සහයෝගීතාවයේ වැදගත් කොටසක් බව ශ්‍රී ලංකාවේ වැඩබලන චීන තානාපති හූවෙයි මහතා ඊයේ (30) චීන තානාපති කාර්යාලයේ පැවති එම පොත එළිදැක්වීමේ අවස්ථාවේ දී පැවසීය.

    මහාචාර්ය ජන්ග් වන් හොංග් මහතා විසින් සංස්කරණය කරන එම වසංගත වැළැක්වීමේ අත්පොත සරල මෙන්ම ඉතා ම ප්‍රායෝගික පොතකි.

    එය වසංගතයට එරෙහිව සමස්ත ලෝකය එක්ව සටන් කිරීමට ඉතා ප්‍රායෝගික “ චීන උපක්‍රමයක් ” සපයන බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

    වසංගත පාලන අත්දැකීම් සහ වෛද්‍ය සැපයුම් ලබා දීම පිළිබඳව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහකාර ලේකම් වෛද්‍ය ටී.එල්.සී සෝමතුංග මහත්මිය සහ අධ්‍යාපන අමාත්‍යංශයේ සහකාර ලේකම් අනුෂ්කා ගෝකුල ප්‍රනාන්දු මහත්මිය, එම අවස්ථාවේදී චීනයට ස්තූතියි ප්‍රකාශ කළහ.

    මෙම කෘතිය පළමු පෙළ වසංගත වැළැක්වීමේ මාර්ගෝපදේශ ග්‍රන්ථයක් ලෙස දිවයි‍න පුරා‍ බෙදා හැරීමට ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශය බලාපොරොත්තු වෙමින් සිටී.

    රටේ සියලුම රජයේ පාසල් සහ පුස්තකාල සඳහා එම කෘතිය ලබා දීමටත් එය ජාතික අධ්‍යාපන මාර්ග ගත පුස්තකාලයට ඇතුළත් කිරීමටත් ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යාංශ‍‍යේ අවධානය යොමුව ඇත.

     

    Latest News