කන්දකාඩු පොකුරේ හඳුනාගත් මුළු ආසාදිතයින් 599ක්

ජූලි 31, 2020

    කන්දකාඩු මත්ද්‍රව්‍ය නිවාරණ හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට අදාළ කොරෝනා පොකුරෙන් හදුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව පන්සිය අනූනවයක්.

    රැදවූවන් හාරසිය අසූ දෙදෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ හැටහය දෙනෙකු ඊට අයත්. ආරාධිත කාර්ය මණ්ඩලයේ පස් දෙනෙකුට ද වෛරසය ආසාදනය වුණා. මෙම පොකුරේ ආසාදිතයින්ගේ පවුල්වල සමීපතමයින් හතලිස් පස් දෙනෙකුට මෙන්ම වැලිකඩ බන්ධනාගාරයේ ආසාදිත වූ රැදවියා ඇසුරු කළ පුද්ගලයෙකුට ද රෝගය වැළදුනා.

    ඊයේ (30) හදුනා ගත් ආසාදිතයින් හතර දෙනාගෙන එක් අයෙකු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකුගේ සමීපතමයෙක්.

    Last modified on සිකුරාදා, 31 ජූලි 2020 12:37

    Latest News