එජාපය හැරගිය අයට රනිල්ගෙන් ප්‍රශ්නයක්

ජූලි 25, 2020

    එක්සත් ජාතික පක්ෂය හැර ගිය පිරිස් එහි බලය අත්පත් කර ගන්නේ කෙසේදැයි, පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රශ්න කරයි. එක්සත් ජාතික පක්ෂය ගත් තීරණය කෙතරම් නිවැරදි දැයි යන්න අධිකරණයෙන් පවා ඔප්පු වී ඇති බවයි, ඔහු පෙන්වා දෙන්නේ.

    රනිල් වික්‍රමසිංහ මහතා මේ පිළිබඳ අදහස් පළ කළේ, ඌව පරණගම ප්‍රදේශයේ, ඊයේ පැවති ප්‍රචාරක රැස්වීමක් අමතමින්. එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක උපාලි සමරවීර මහතා විසින් එම රැස්වීම සංවිධාන කර තිබිණ.

    Last modified on සෙනසුරාදා, 25 ජූලි 2020 12:17

    Latest News