ලක්ෂ 70ක මෝටර් රථයක් හදිසියේම ගිනිබත්

ජූලි 25, 2020

    පුත්තලම, පරණ අනුරාධපුර මාර්ගයේ අතුරු මාර්ගයක නිවසක් පිටුපස නවතා තිබූ ලක්ෂ 70 ක් පමණ වටිනාකමකින් යුත්ත කාර් රථයක් ගිනි ගෙන සම්පුර්ණයෙන්ම විනාශ වී ඇති බව පුත්තලම පොලීසිය පවසයි.

    හිමිකරුවන් නිවසේ නොමැති අවස්ථාවේ 25 වැනිදා අළුයම 1.30 පමණ මෙම කාර් රථය ගිනි ගෙන තිබේ. අසළ නිවසක අය දැක මේ පිළිබදව හිමිකරුවන්ට හා පොලීසියට දැනුවත් කර තිබේ.

    කුලී පදනම මත මෝටර් රථ ලබාදෙන ස්ථානයක් වන මෙම ස්ථානයේ මෝටර් රථ කිහිපයක් නවතා තිබෙන අතර සිද්ධිය වූ අවස්ථාවේ මෙම මෝටර් රථය පමණක් තිබී ඇත.

    සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

    Last modified on සෙනසුරාදා, 25 ජූලි 2020 11:44

    Latest News