සජිත්ගේ ලේකම් නිමල් පීරිස් අධිකරණය හමුවට

ජූලි 19, 2020

    අත්අඩංගුවට ගත් සජිත් ප්‍රේමදාස මහතාගේ සම්බන්ධීකරණ ලේකම් නිමල් පීරිස් මහතා අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

    ඒ පළාත් සභා මන්ත්‍රී ධුරයට නොමිලයේ ලැබෙන තැපැල් සේවා ප්‍රතිපාදන යටතේ රුපියල් එක් ලක්ෂ දහතුන් දහස් හාරසිය හැටක මුදලක් වංචා කිරීම හේතුවෙන්. හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා ලිපි 7,564ක් සිය පළාත් සභා මන්ත්‍රී ප්‍රතිපාදනය යටතේ තැපෑලට යොමු කර තිබිණ. ඒ පිළිබඳව තලවතුගොඩ තැපැල් ස්ථානාධිපතිවරයා තලංගම පොලීසියට පැමිණිල්ලක් සිදු කර තිබිණ. අදාළ පැමිණිල්ල පිළිබඳ පසුව සිදු කළ පරීක්ෂණයේදී අනාවරණය වූයේ සමගි ජනබලවේගයේ රැස්වීමක් සඳහා ඇරයුම් කිරීමට සකස් කළ ලිපි 3,000ක් ඒ අතර තිබූ බවයි.

    පොලීසිය ප්‍රකාශ කළේ, පළාත් සභාවෙන් ඔහුට ලබා දුන් තැපැල් මුද්‍රණ යන්ත්‍රය නැවත බාර නොදී 2018 වර්ෂයේ සිට මේ දක්වා වංචනික ලෙස එහි මුද්‍රා කඩා ලිපි තැපැල් කිරීම සිදු කර ඇති බවයි. මෙහිදී තැපැල් මුද්‍රණය යන්ත්‍රය, ලැප්ටොප් පරිගනකයක්, මුද්‍රණ යන්ත්‍රයක්, සමගි ජනබල වේගයේ ලිපි ශීර්ෂ ඇතුළත් ලිපි හා කවර පොලිස් බාරයට ගෙන තිබේ.

    අත්අඩංගුවට පත් සම්බන්ධීකරණ ලේකම් නිමල් ආර්.පීරිස් මහතා අද කඩුවෙන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

    Last modified on ඉරිදා, 19 ජූලි 2020 11:50

    Latest News