නාවික හමුදාවේ තවත් 3කට සුවයි

ජූලි 14, 2020

    නාවික හමුදාවේ කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ ගණන 898ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    ඒ තවත් නාවික සාමාජිකයින් තිදෙනෙක් පූර්ණ සුවය ලබා පිටව යෑමත් සමගයි. මෙම නාවික පුද්ගලයින් දෙදෙනාම කොවිඩ් - 19 වෛරසය ආසාධනය වීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා රෝහල් වෙත යොමු කර සිටි අයයි.

    කොරෝනා ආසාදනය වීම හේතුවෙන් රෝහල් ගත කළ සමස්ත නාවික ආසාදිතයින් ගණන 906ක්. මේ වන විට ප්‍රතිකාර ගනු ලබන්නේ ඉන් පුද්ගලයින් 9 දෙනෙක් පමණි. සුවය ලබා පිටව ගිය සියලූම නාවික පුද්ගලයින් සෞඛ්‍ය උපදෙස් මත තවදුරටත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කර තිබේ.

    Last modified on අඟහරුවාදා, 14 ජූලි 2020 10:08

    Latest News