සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2084ක් දක්වා ඉහළට

ජූලි 08, 2020

    නව කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2084ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    මෙම නව ආසාදිතයින්ගෙන් දෙදෙනෙක් බංග්ලාදේශයේ සිට පැමිණ ඇති ලාංකිකයින් වන අතර, අනෙක් පුද්ගලයා පිලිපීන ජාතිකයෙක් බවට තහවුරු වී ඇත.

    මේ අතර, අද දිනය තුළ කොරෝනා ආසාදිතයින් 12දෙනෙක් සුවය ලැබු අතර මෙරට සමස්තය 1967ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    මේ අතර වෛද්‍ය අධීක්ෂණය යටතේ ආසාදිතයින් 106 දෙනෙකු ප්‍රතිකාර ලබයි.

    Latest News