පැය 24ක් තුල සැකකරුවන් 1885ක් අත්අඩංගුවට

ජූලි 08, 2020

    දිවයිනේ පොලිස් ස්ථාන මගින් පැය 24ක් තුළ සිදුකළ වැටලීම්වලදී පුද්ගලයින් 1885 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    පසුගිය 6වැනිදා රාත්‍රී 12.00 සිට ඊයේ (07) රාත්‍රී 12.00 දක්වා අපරාධ නිවාරණය සම්බන්ධයෙන් අදාළ වැටලීම් සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය අංශය නිවේදනය කළේය.

    මෙහිදී ගංජා කිලෝ ග්‍රෑම් 5කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් 163ක් අත්අඩංගුවට ගෙන ඇත. හෙරොයින් ග්‍රෑම් 189කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් 260ක් අත්අඩංගුවට ගෙන තිබේ.

    අයිස් නැමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 176කට අධික ප්‍රමාණයක් සමඟ සැකරුවන් 11ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය අංශ නිවේදනය කළේය.

    මීට අමතරව බෙහෙත් කොටන තුවක්කු 06ක් සමග සැකකරුවන් 5 දෙනෙක් ද නීති විරෝධි මත්පැන් ලීටර් 3, 310ක් සමගින් සැකකරුවන් 367ක් ද පොලිස් බාරයට ගෙන තිබේ. එමෙන්ම වරෙන්තු නිකුත් කර සිටි පුද්ගයින් 297ක් සහ වෙනත් වැරදි සඳහා සැකකරුවන් 782ක් අත්අඩංගුවට ගෙන තිබේ.

    Last modified on බදාදා, 08 ජූලි 2020 11:13

    Latest News