විදේශ රැකියා ආශ්‍රිත ආදායම ඉහළ නැංවීමට 03න් අවුරුදු සැලැස්මක්

ජූලි 07, 2020

    ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හා එහි පාර්ශවකරුවන්ගේ සංවර්ධනය හා ආදායම ඉහළ නැංවීම සඳහා තුන් අවුරුදු සැලැස්මක් සැකසීම කෙරෙහි කාර්යාංශයේ අවධානය යොමු වෙයි.

    එහි සභාපති කමල් රත්වත්තේ මහතා විසින් ඒ සඳහා සය දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර තිබේ.

    ශ්‍රි ලංකා ආර්ථිකයේ අඛණ්ඩ පැවැත්ම සඳහා විශාලතම දායකත්වය ලබාදෙන විදේශ රැකියා ක්ෂේත්‍රය ඉදිරි වසර 3ක කාලය තුළ සාධනීය හා ඉලක්ක ගත සංවර්ධනයක් කරා ගෙනයාම මෙම සැලැස්මේ ප්‍රධාන අරමුණයි.

    ඒ අනුව විදේශ රැකියා ක්ෂේත්‍රය හා සම්බන්ධ, විදේශ රැකියා නියෝජිතයින්, විදේශ රැකියාලාභීන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ඇතුළුව සෘජු හා වක්‍රව මෙම ක්ෂේත්‍රයට සම්බන්ධ වන සියළු පාර්ශවවල, ආර්ථික හා සමාජ සංවර්ධනය උදෙසා මෙම සැලැස්ම සකස් කෙරෙනු ඇත.

    සය පුද්ගල කමිටුවේ සභාපති ලෙස කාර්යාංශයේ අධ්‍යක්ෂ ප්‍රදීප් නියදඩුපොළ මහතා කටයුතු කරයි.

    තුන් අවුරුදු සැළැස්ම සඳහා මහජන අදහස් විමසීමට කටයුතු යොදා ඇති අතර, ඒ අනුව විද්වත් වෘත්තිකයින්, මාධ්‍යවේදීන්, විගමණික ශ්‍රමිකයින්, පර්යේෂකයින් ඇතුළු මහජනතාවගෙන් අදහස් හා යෝජනා ජූලි මස 15 දිනට පෙර ඉදිරිපත් කළ හැකිය.

    Latest News