වෙලේසුදා හඬපටයක් ජනපති කොමිසමට

ජූලි 07, 2020

    පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් කොස්තාපල් ජීවක අරුණ පෙරේරා සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සමන්ත කුමාර හෙවත් වෙලේසුදා අතර ඇති වූ සංවාදයක හඬ පටයක් ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවට ඊයේ (06) ඉදිරිපත් කරන ලදී.

    එම හඬ පටයේ මුල් පිටපත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, පොලිස් අධිකාරි ජගත් රෝහණ විසින් කොමිසමට ඉදිරිපත් කරන ලදී.

    වෙලේසුදා අතර සංවාදයක නියැළෙන හිටපු පොලිස් කොස්තාපල්වරයා, මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වන නඩුවක සැකකරුවකු ද වන බව ජගත් රෝහණ කොමිසම හමුවේ පැවැසීය.

    අදාළ හඬපටය ඇතුළත් සංයුක්ත තැටිය, ජනාධිපති කොමිසමේ ආරක්ෂිත සේප්පුවේ තබන ලෙස සභාපති විනිසුරුවරයා නියෝග කළේය.

    Latest News