මැතිවරණ කොමිසමේ විශේෂ සාකච්ඡාව

ජූලි 07, 2020

    අමාත්‍යංශ අතිරේක ලේකම්වරුන්, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරුන් මෙන්ම රාජ්‍ය ආයතනවල දේපළ භාර නිලධාරීන් මැතිවරණ කොමිසමට අද කැඳවා තිබුණා.

    ඒ, එළඹෙන මහ මැතිවරණයට අදාළ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි.

    අද පෙරවරු 11 ට පමණ මෙම සාකච්ඡාව ආරම්භ කළ බවයි වාර්තා වන්නේ.

    එළඹෙන මහ මැතිවරණයේ ප‍්‍රචාරක කටයුතු සඳහා රාජ්‍ය දේපළ භාවිත කිරීම සම්බන්ධයෙන් පැමිණිලි රැසක් මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත් වී ඇත. 

    එවැනි කි‍්‍රයා වැළැක්වීමට කටයුතු කිරීම මෙන්ම තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කළ බව පැවසේ.

    Latest News