උතුරේ ආරක්ෂාව තර කෙරේ

ජූලි 07, 2020

    කිලිනොච්චිය ප්‍රදේශයෙන් දේශීය නිෂ්පාදනය කරන ලද බෝම්බ හමු වීමත් සමග උතුරේ ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ විසින් පියවර ගෙන ඇත.

    ත්‍රස්තවාදය නැවත ඇතිකිරීමේ උත්සහයක නිරත වීමේ අවදානමක් වශයෙන් කිලිනොච්චියේ හිටපු එල්.ටී.ඊ. සාමාජිකයකු විසින් දේශීය බෝම්බ නිෂ්පාදනය කිරීමට යාමේදී පුපුරායාමත් සමඟ ආරක්ෂක අංශවල දැඩි අවධානය යොමු වී ඇත.

    මේ අනුව සැකකටයුතු ප්‍රදේශයන් හදිසි සෝදිසි පරික්ෂා කිරීම් හා ප්‍රධාන මාර්ගයන්හි වාහන ඇතුළු පුද්ගලයින් පරික්ෂා කිරීමට ආරක්ෂක අංශ විසින් පියවර ගෙන තිබේ.

    මෙලෙසින් වව්නියාව කුරුමන්කාඩු ප්‍රදේශයේද යුද හමුදාව විසින් හදීසි සෝදිසි මුරපොළක් ක්‍රියාත්මක කර සැකකටයුතු වාහන හා පුද්ගලයින් පරීක්ෂා කිරීමට පියවර ගෙන ඇත.

    Latest News