උසස් පෙළ අයදුම්කරුවන්ට නිවේදනයක්

ජූලි 07, 2020

    13 වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහන යටතේ, උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව හැදෑරීමට 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීම සඳහා අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය 2020 ජූලි මස 20 වන දා තෙක් දීර්ඝ කර ඇත.

    මේ සඳහා අදාළ අයදුම්පත් සහ වෘත්තීය විෂයධාරාව ක්‍රියාත්මක වන පාසල් ලේඛනය අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙත පිවිසීමෙන් ලබාගත හැකිය.

    වැඩිදුර තොරතුරු සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ “සැමට අධ්‍යාපන ශාඛාවේ“ දුරකථන අංක 0112 787136 මඟින් විමසීම් කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශ නිවේදනය කරයි.

    ඒ ඒ පළාත්හි වෘත්තීය විෂය ධාරාව සහිත පාසල්වල පවත්නා වෘත්තීය විෂයයන් පිළිබඳ වැඩිදුර තොරතුරු පහත සඳහන් දුරකථන අංක අමතා පළාත් සම්බන්ධීකරණ නිලධාරීන් වෙතින් ද ලබා ගැනීමට අවස්ථාව සලසා තිබේ.

    Capture

    Latest News