ධීවරයින් 6දෙනා ඉන්දීය වෙළඳ නෞකාවකින් බේරාගනී

ජූලි 07, 2020

    කුඩාවැල්ල ධීවර වරායෙන් මුහුදු ගිය ධීවරයන් 6දෙනෙකු රැගත් චම්පා - 7 බහුදින යාත්‍රාව අනතුරට ලක් වී ඇතැයිද, ඉන්දීය වෙළඳ නෞකාවක් විසින් ධීවරයින් බේරාගෙන ඉන්දියාවට රැගෙන යමින් සිටින බවද, හම්බන්තොට ධීවර පරීක්ෂක ප්‍රාදේශීය කාර්යාලය පවසයි.

    පසුගිය 25 දින මුහුදු ගිය යාත්‍රාවේ සිටි පිරිස පසුගිය 1 දින තෙක් ගොඩබිම සමග සම්බන්ධකම් පැවැත් වූ බවද, පසුව යාත්‍රාව අනතුරකට පත්ව ඇති බව ධීවර අමාත්‍යාංශයෙන් තමාට දැනුම් දුන් බවද යාත්‍රාවේ හිමිකරු වන ෂෙල්ටන් දයාරතන මහතා පැවසීය.

    යාත්‍රාවේ සිටි ධීවරයින් සය දෙනා පෙරළුණු බෝට්ටුවේ එල්ලී දින 4ක් තිස්සේ මහ මුහුදේ ගත කොට ඇති බවද යාත්‍රා හිමිකරු වැඩිදුරටත් කියා සිටියේය.

    අනතුරට පත් යාත්‍රාවේ සිටි ධීවරයින් සයදෙනා ලංකාවට රැගෙන ඒම සඳහා ධීවර අමාත්‍යංශය කටයුතු කරමින් සිටී.

    Latest News