සුවය ලැබූ ආසාදිතයින් ගණන 1955ක්

ජූලි 07, 2020

    අද (07) උදෑසන 10.00 වන විට කොරෝනා ආසාදිතයින් 36 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 1955ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ වන විට මෙරට තුළ කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වු සංඛ්‍යාව 2078ක් බව සෞඛ්‍ය අංශ නිවේදනය කළේය. මේ අතර වෛද්‍ය අධීක්ෂණය යටතේ ආසාදිතයින් 112 දෙනෙක් ප්‍රතිකාර ලබමින් සිටිති.

    Latest News